Search

මෙල්බන් උණුසුම වාර්තා බිද හෙළයි

මෙම සති අන්තයේ මෙල්බන් හි උෂ්ණත්වය වාර්තාගත සෙල්සියස් අංශක 36 ක උපරිමයක් දක්වා යා හැකි බවට කාලගුණ විද්‍යා කාර්යංශය පුරෝකතනය කර තිබෙනවා.

දෙසැම්බර් මාසය ආරම්භ වීමට සතියක කාලයක් තිබීය දී මෙල්බන් හි වාර්තාගත ඉහළම උෂ්ණත්වය මෙය විය හැකි බවයි වාර්තා වන්නේ.

ඊයේ දින (නොවැම්බර් 22) මෙල්බන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 34ක අගයක් වාර්තා කළා.

තවද මෙල්බන්හි නොවැම්බර් මස උෂ්ණ අධිකතම රාත්‍රිය ඊයේ (නොවැම්බර් 22) බවද කාලගුණ විද්‍යා කාර්යංශය වාර්තා වල සදහන්.

බටහිර සහ මධ්‍යම වික්ටෝරියා කොටස් සඳහා දැනටමත් ඉහළ ගිනි අවදානම් අනතුරු ඇඟවීම් නිවේදනය කර ඇති අතර බෙන්ඩිගෝ සහ න්හිල් වැනි කලාපීය ස්ථානවල ද උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දක්වා ඉහළ යනු ඇති බව සදහන්.

වික්ටෝරියා ප්‍රාන්තයට අමතර ටස්මේනියාවට ද මෙම සති අන්තය අධික උෂ්ණත්වයෙන් බලපෑම් එල්ල වන අතර මෙම සති අන්තය ටස්මේනියා ප්‍රාන්තය පුරා සෙල්සියස් අංශක 30 කට ආසන්න වනු ඇති බවයි වාර්තා වන්නේ.

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »