
ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 75 ක් මත්පැන් මිලදී ගැනීමේ දි එම බෝතලයේ සදහන් ලේබල් තේරුම් නොගන්නා බව නවතම අධ්‍යයනයක දී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව සෑම වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් හතර දෙනෙකුගෙන් තිදෙනෙක් මත්පැන් ලේබලයේ සදහන් සෞඛ්‍ය තත්ව ගැන වැරදි ලෙස තේරුම් ගන්නා බවයි වාර්තා වන්නේ.
එනම් මත්පැන් බෝතලයෙහි වූ ලේබලයේ අවම වශයෙන් එක් ප්‍රකාශයක් වත් වරදවා වටහාගන්නා බව සදහන් වන අතර මත්පැන් පානය වඩා හොඳ විය හැකි බවයි සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන් සදහන් කළේ.

මෙම පර්යේෂණය සෞඛ්‍ය ප්‍රවර්ධන ජාත්‍යන්තර සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර වයස අවුරුදු 18-65 අතර පුද්ගලයින් 2000 කට ආසන්න සංඛ්‍යාවක් සමීක්ෂණයට එක්කර ගෙන තිබෙනවා.
මෙම අධ්‍යනය Cancer Council විසින් සිදු කර ඇති අතර විශේෂයෙන් අඩු සීනි යැයි කියා සදහන් ලේබල්,
බොහෝ දෙනෙක් සෞඛ්‍ය හිතකර ලෙස තේරුම් ගන්නා බව ද සදහන්.

ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ගෙන් සියයට 60 කට වඩා තමන් පානය කරන මත්පැන් වර්ගය තම ශරීරයට කොතෙක් හිතකර වන්නේ ද යන්න නොදැන පානය කරන බව ද එහිදි අනාවරණය වී තිබෙනවා.