Search

ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න සිසුන්ට ඉදිරි සතිය තීරණාත්මකයි

 

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් බඳවා ගැනීම් සීමා කිරීමේ නීතිය ලබන සතියේ සෙනෙට් සභාවේදී සම්මත වීමට ඉඩ ඇතැයි බොහෝ පාර්ෂව පවසනවා.

කෙසේ වෙතත් විදෙස් ශිෂ්‍ය සංක්‍රමණ කප්පාදුව සම්බන්ධයෙන් විපක්ෂය සහය පල නොකරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාවට සීමා පැනවීම සදහා සහය ලබා නොදෙන බව ෆෙඩරල් විපක්ෂ නායක පීටර් ඩටන් සදහන් කර තිබෙනවා.

විපක්ෂ දේශපාලනඥයන් යෝජිත නීතිවලට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කිරීමත් සමග ජාත්‍යන්තර ශිෂ්‍යයින් සදහා වූ සීමාව ක්‍රියාත්මක කිරීමට ෆෙඩරල් රජයට නොහැකි වනු ඇතැයි සදහන්.

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ඉදිරි සති දෙක තුළ මෙම පනත විවාදයට ගනු ඇතැයි අපේක්ෂා කරන අතර මෙම වසර අවසානයට පෙර එය සම්මත කරගත යුතුව තිබෙනවා.

යෝජිත පනත සම්මත වන්නේ නම් නව නීති යටතේ 2025 සඳහා විදේශීය සිසුන් සංඛ්‍යාව 270,000 කට සීමා වනු ඇති.

ලබන වසරේ මැයි මාසය වන විට පැවැත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණයට පෙර සංක්‍රමණිකයින් ඉහළ යාම සහ පෙර නොවූ විරූ නිවාස අර්බුදයට විසදුමක් වශයෙන් මෙම යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ගෙන තිබුණා.

යෝජිත නීතිය මගින් උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව හරහා නව ජාත්‍යන්තර සිසුන්ට අවස්ථා අහිමි කිරීමක් ලෙසයි විපක්ෂය මෙම යෝජනාව අර්ථ දක්වා ඇත්තේ.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »