
ඇමරිකාවේ Milwaukee හි සිට Dallas Fort Worth දක්වා පියාසර කරමින් තිබූ American Airlines ගුවන් සමාගමට අයත් යානයක සිටි මගියෙක් එක්වරම තමන්ට එම යානයෙන් බැස යාමට අවශ්‍ය බව පවසා තිබෙනවා.
ඒ වන විටත් එම යානය අඩි 30,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබු බවයි වාර්තා වන්නේ.
ගුවන් මගියා එම ගුවන් යානයේ දොර විවෘත කිරීමට උත්සහ කර ඇති බව ද සදහන්.

ඔහුව වැළැක්වීමට උත්සහ කළ ගුවන් සේවිකාවටද ඔහු පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී ගුවන් මගීන් කිහිප දෙනෙක් එක්ව එම පුද්ගලයා මෙල්ල කර ඇති අතර ඔහුගේ දෙ අත් සහ පාද ඝනකම් ටේප් භාවිතයෙන් එකට බැඳ දමා තිබෙනවා.

ඉන් අනතුරුව යානය නියමිත පරිදි ගොඩබස්සවා ඇති බව සඳහන්.
පසුව ගුවන් තොටුපළ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් යානයට පැමිණ මෙම කලහකාරී සිද්ධිය ඇති කළ මගියා රඳවා තබාගෙන මානසික ඇගයීමක් සඳහා රැගෙන ගිය බවයි CNN පුවත් සේවය වාර්තා කරන්නේ.