Search

ලාඕසයේ විෂ මත්පැන් පානය කළ අනෙක් මෙල්බන් තරුණියත් මියයයි

ලාඕසයේ විෂ මත්පැන් පානය කළ අනෙක් මෙල්බන් තරුණියත් මිය ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා.

ලාඕසයේදී විෂ සහිත මත්පැන් වර්ගයක් පානය කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ සිටි මෙල්බන් තරුණියන් දෙදෙනාම අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 19 වියෙහි පසුවු මෙල්බන් තරුණියන් දෙදෙනෙක්.

Holly Bowles මෙලෙස අද මියගොස් ඇති බව තායිලන්ත රෝහල තහවුරු කළා.

මේ සිදුවීමත් සමග ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට නව අනතුරු ඇඟවීමක් ද ෆෙඩරල් රජය විසින් නිකුත් කර තිබෙනවා.

ෆෙඩරල් රජයේ සංචාරක උපදේශන වෙබ් අඩවිය වන ස්මාර්ට් ට්‍රැවලර් විසින් එහි මාර්ගෝපදේශ යාවත්කාලීන කරමින් ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ලාඕසයේදී මත්පැන් පානය කිරීමේදී ප්‍රවේශම් වන ලෙසයි.

මෙම විෂ සහිත මත්පැන් පානය කළ තවත් සංචාරකයින් පස්දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ස්මාර්ට් ට්‍රැවලර් ඔස්ට්‍රේලියා සංචාරකයන්ගෙන් ඉල්ලා ඇත්තේ ලාඕසයේ දී කොක්ටේල් ඇතුළු ස්ප්‍රීතු ආශ්‍රිත පාන වර්ග මෙන්ම සාමාන්‍ය මත්පැන් පානය කරන්නේ නම් දැඩි විමසිල්ලෙන් සිටින ලෙසටයි.

 

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »