
වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ නිධානයක් කැණීමේ කටයුත්තක් ඊයේ (21) සිට ආරම්භ කර තිබෙනවා.
ඒ, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වේයන්ගොඩ පොලිසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන වල නිලධාරීන්ගේඅධික්ෂණය යටතේයි.
මෙම කැණීම සඳහා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

වසර ගණනාවක සිට මෙම ස්ථානයේ නිධානයක් ඇති බව පවසමින් අවස්ථා කිහිපයකදී විවිධ පිරිස් කැණීම් සිදු කර තිබූ අතර ඔවුන් පොලිස් අත්අඩංගුවට ද ගෙන තිබූ බව සඳහන්.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට පෙර සිදුකළ පරීක්ෂණයකදී අනාවරණ වූයේ, එම ස්ථානයේ නිධානයක් බවට සැක කරන කිසිවක් නොමැති බවයි.

කෙසේ වෙතත් පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ පරීක්ෂණයකදී කිසියම් දෙයක පොළව අභ්‍යන්තරයේ ඇති බවට තහවුරු වුණා.
ඒ පිළිබඳව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි අදාළ කැණීම සඳහා අධිකරණය අවසරය ලබාදී ඇත්තේ.
මෙම අවස්ථාවට රජයේ රස පරීක්ෂකවරයා ද එක්ව සිටින අතර කැණීමේදී පාෂාණ ස්ථරයක් හමුවුහොත්, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට එම ස්ථානය පුපුරවා කැණීම් පවත්වාගෙන යෑමට ද අධිකරණ අවසර හිමිව ඇති බව සඳහන්.
දිනයක් තුළ කැණීම අවසන් කර ගැනීමට නොහැකි වූවොත් අවසානය දක්වා කැණීම සිදු කිරීමට ද අධිකරණයෙන් අවසර හිමිව ඇති බවයි වාර්තා වන්නේ.