
ඔස්ට්‍රේලියාවේ ග්‍රාමීය දුරස්ථ ප්‍රදේශවල පදිංචියට යාමට බලාපොරොත්තු වන පුද්ගලයින් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී ඇති බව නව වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.
නගරබද පදිංචිකරුවන්ගෙන් සියයට 40ක් පමණ ඔස්ට්‍රේලියාවේ කලාපීය ප්‍රදේශවලට යාමට සැලසුම් කරමින් සිටින අතර ඉහළ යන ඉල්ලුමට සරිලන ලෙස නිවාස ලබාදීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි නව වාර්තාවලින් හෙළිවී ඇත්තේ.
ප්‍රාදේශීය ඔස්ට්‍රේලියානු ආයතනය විසින් නිකුත් කරන ලද නව පර්යේෂණ වාර්තාවට අනුව හෙළිවී ඇත්තේ මාස 18කට පෙර ප්‍රධාන නගරවලින් පිටත පදිංචි වීමට සැලසුම් කර තිබූ සියයට 20ක් වූ ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව දෙගුණයක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එහි ප්‍රධාන විධායක නිලධාරී ලිස් රිචී පැවසුවේ ඔස්ට්‍රේලියාව ජීවිතයට එක් වරක් පමණක් සිදුවන ජනගහන මාරුවක් අත්විඳිමින් සිටින බවයි.
ඔස්ට්‍රේලියාවේ දුරස්ථ ප්‍රදේශවල නිවාස ඉල්ලුම ඉහල යාමත් සමග කුලී පුරප්පාඩු අනුපාතය අඩු වී ඇති අතර 2023දී සියයට 1.5ක්ව පැවති කලාපීය කුලී පුරප්පාඩු අනුපාතය මේ වන විට 1.3 දක්වා අඩුවී තිබෙනවා.

2023 වසරේ මැයි සහ මෙම වසරේ මැයි අතර කාලය තුළ කලාපීය ගොඩනැගිලි අනුමත කිරීම් ද සියයට 9.4 කින් පහත වැටී ඇති බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.
පසුගිය වසර තුළ පමණක්, කෙයාර්න්ස් කලාපයේ ජනගහණ වර්ධනය සියයට 1.8 දක්වා වැඩි වූ අතර මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුනහොත්, 2026 වන විට කලාපයේ ජනගහණය 280,000 කට වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
කලාපීය ප්‍රදේශවල පදිංචි වන විදේශ සංක්‍රමණිකයන් සංඛ්‍යාව අඩුවීම ද කැපී පෙනෙන අතර කලාපීය ප්‍රදේශවල රැකියා 76,000ක පුරප්පාඩු පවතින බව ද සඳහන්.