
විවිධ නම් යොදා ගනිමින් (anonymous) සමාජ මාධ්‍ය ගිණුම් සකස් කිරීම ඔස්ටේ්‍රලියා ජාතිකයන්ට තහනම් කිරීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.
ඒ අනුව රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය වැනි ලේඛනයක් ඉදිරිපත් කර අනන්‍යතාවය තහවුරු කර ගැනීමක් සිදුකිරීම මින් ඉදිරියට අත්‍යවශ්‍ය වනු ඇති.
ෆේස්බුක් – ඉන්ස්ටග්‍රම් – ට්විටර් වැනි සියලුම සමාජ මාධ්‍ය ජාල සඳහා මෙම නීතිය බලපානවා.

අන්තර්ජාලය ඔස්සේ සිදුවන තර්ජනය කිරීම් – හිංසන – ලිංගික බලපෑම් වැනි දෑ වළක්වාලීමේ අරමුණිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.
දැනට සමාජ මාධ්‍ය තුළ කිසියම් Verify කිරීමකදී ඔස්ටේරලියාව තුළ භාවිත කරනුයේ දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය තහවුරු කරගැනීමක් පමණයි.
