Search

වැඩිවෙන සංක්‍රමණිකයින් ගැන ඔස්ට්‍රේලියානුවන්ට ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රජාව ඉතා ඉහළ අගයක පවතින බවට ඔස්ට්‍රේලියානුවන් අතුරින් සියයට 49ක් මත පල කර තිබෙනවා.

Australia’s Cohesion පදනම විසින් සිදුකළ අධ්‍යනයකට අනුව ඔස්ට්‍රේලියානුවන් වැඩි දෙනෙක් සදහන් කර ඇත්තේ මෙරට සංක්‍රමණික අගය ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් එය රටේ විවිධත්වයට හෝ බහු සංස්කෘතිකවාදයට  ගැටලුවක් නොවන අතර මෙරට නිවාස ගැටලුවට එය සෘජුව බලපාන බවයි මතවිමසුමට එක්වුවන් සදහන් කර ඇත්තේ.

SPA හි ජාතික සභාපතිවරයා පවසන්නේ වාර්තාගත සංක්‍රමණික සංඛ්‍යාව නිසා බොහෝ දුරට නිවාස ඉල්ලුමට තර්ජනයක් වී ඇති බවයි.

ජීවන වියදම් පීඩන, නිවාස ගැටලුව සහ ජනගහන වර්ධනය අතර සංක්‍රමණිකයින්ගේ සෘජු සම්බන්ධයක් පවතින බව සමීක්ෂණයට සහභාගි වූ ඔස්ට්‍රේලියානුවන් සදහන් කර තිබෙනවා.

2024 මාර්තු සහ 2023 මාර්තු වන විට ඔස්ට්‍රේලියාවේ ශුද්ධ සංක්‍රමණ සංඛ්‍යාව පිළිවෙලින් 509,800 ක් සහ 491,800 ක් ලෙසයි දක්වා ඇත්තේ.

බොහෝ සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කරා ගමන් කරන අතර එමගින් ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි නිවාස ගැනීමට අපේක්ෂාවෙන් සිටින ඔස්ට්‍රේලියානුවන්ට ද අවස්ථා අහිමි වන බව ප්‍රතිචාර දැක්වූවන් සදහන් කර තිබෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »