
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද (22) උදෑසන ආරම්භ වීමට නියමිතයි.
නොවැම්බර් 22 වන දා සිට ජනවාරි 7 වනදා දක්වා පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ටෙස්ට් තරග 5 ක් ඇතුලත් බවයි සදහන් වන්නේ.
තරගාවලියේ පලමු තරගය පර්ත් හිදී පැවැත්වෙන අතර දෙවන තරගය ඇඩිලේඩ් හීදී පැවැත්වීමට නියමිතය.

ටෙස්ට් තරගාවලියේ තෙවන , සිව්වන සහ අවසන් තරගය පිළිවෙලින් බ්‍රිස්බන් , මෙල්බන් සහ සිඩ්නි හීදී පැවැත්වීම ද විශේෂත්වයක්.
ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීමේ පලමු ස්ථානය ඔස්ට්‍රේලියා කණ්ඩායමට හිමිව තිබෙන පසුබිමක ඉන්දීය කණ්ඩායම එහි දෙවන ස්ථානයේ රැදී සිටිනවා.

මේ නිසා බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් බවයි සදහන් වන්නේ.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විරාට් කෝලී, රෝහිට් ෂර්මා, ජස්ප්‍රිට් බුම්රා, යෂස්වි ජෙයිස්වාල් සහ සෆ්රාස් ඛාන් වැනි ප්‍රබල ක්‍රීඩකයන් තරග බිමට පිව්සෙන අතර ට්‍රැවිස් හෙඩ්, ස්ටීව් ස්මිත්, පැට් කම්න්ස්, මිචෙල් ස්ටාක් වැනි ප්‍රබල ක්‍රීඩකයන් තරග බිමට පිවිසීමට නියමිතයි.