Search

වැඩ වර්ජනයක් නිසා වික්ටෝරියා හි Woolworths බෙදා හැරීම්වලට බාධා

වැටුප් සහ කොන්දේසි සම්බන්ධ ගැටළුවක් මුල් කර ගනිමින් Woolworths සුපිරි වෙළදසැල් ජාලයට අයත් ගබඩා 4 ක සේවය කරන 1500 කට අධික සේවකයන් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

දින නියමයක් නොමැතිව ක්‍රියාත්මක වන මෙම වැඩ වර්ජනය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන තුනකට මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බෙදාහැරීමේ මධ්‍යස්ථානයට ද විශාල බලපෑමක් එල්ල කරන බවයි තොරතුරු සදහන් වන්නේ.

එක්සත් කම්කරු සංගමය (UWU) සදහන් කරන්නේ නව සේවා ස්ථාන ගිවිසුමකට අනුකූලව පළමු වසර තුළ සියලුම කම්කරුවන්ට අවම වශයෙන් ඩොලර් 38 ක ගෙවීමක් සිදුකළ යුතු බවයි.

එසේම සේවක කාර්ය සාධනය කළමනාකරණය කිරීම සහ ඇගයීම වෙනුවෙන් සමාගම තුළ දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය අහෝසි කරන ලෙස ද ඔවුන් ඉල්ලා සිටින බවට ද සදහන් වනවා.

එක්සත් කම්කරු සංගමයේ (UWU) ලේකම් ටිම් කෙනඩි ප්‍රකාශ කර ඇත්තේ ඉහල යන ජීවන වියදම හේතුවෙන් කම්කරුවන් තමන්ට හිමිවන වැටුපෙන් එදිනෙදා ජීවිතය ගතකිරීම උදෙසා අරගලයක නිරත වන බවයි.

කෙසේ වෙතත් Woolworth ව්‍යාපාර ජාලයට අයත් Primary Connect හි ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ නත්තලට පෙර පාරිභෝගිකයන් සදහා අවශ්‍ය සැපයුම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඔවුන් මූලික ප්‍රමුඛතාවයක් ලබාදෙන බවයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »

රොකට්ටුවකින් වාර්තාවක් තැබීමට යන ඔස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාව අභ්‍යවකාශ හා නිෂ්පාදන ඉතිහාසයේ වාර්තාගත මොහොතකට සූදානම් වනවා. ඒ Gilmour Space  සිය පළමු Eris rocket යානය බ්‍රහස්පතින්දා උදෑසන අභ්‍යවකාශයට යැවීමට වන සූදානමත් සමගයි. මෙය

Read More »