Search

ඔස්ට්‍රේලියානු දරුවන්ගේ සමාජ මාධ්‍ය තහනම ගැන යළි පැහැදිලි කිරීමක්

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් වයස අවුරුදු 16 ට අඩු දරුවන් සදහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සදහා අවශ්‍ය නව නීති යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් තහනමට ලක්වන සමාජ මාධ්‍ය ජාලා මොනවාද යන්න පිළිබදව තවදුරටත් නිශ්චිත පැහැදිලි කිරීමක් සිදු කර නොමැති අතර අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලාවලට ප්‍රවේශ වීමට ඉඩ ලබා දීමෙන් ඩොලර් මිලියන 50 ක් දක්වා දඩ මුදලකට යටත් වීමට සිදුවන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

කෙසේ වෙතත් සන්නිවේදන අමාත්‍ය Michelle Rowland විසින් සදහන් කර ඇත්තේ අවම වශයෙන් Tiktok, Facebook, Snapchat, Reddit සහ Instagram සහ X යන සමාජ මාධ්‍ය ජාලාවලට මෙම නව නීති අදාල වන බවයි.

ෆෙඩරල් රජය විසින් දැනට මෙම සමාජ මාධ්‍ය ජාලා පමණක් නම් කර ඇතත් ඉදිරියේදී අනෙකුත් සමාජ මාධ්‍ය ජාලාවලට ද අවුරුදු 16 අඩු දරුවන්ට ප්‍රවේශ වීමට ඇති අවකාශය අවහිර වන බව ද සදහන්.

නමුත් Facebook Messenger, Kids, Whatsapp, ReachOut, PeerChat, Kids Helpline MyCircle, Google Classroom සහ YouTube යන සමාජ මාධ්‍ය ජාලා සදහා මෙම තහනම ක්‍රියාත්මක නොවන බවට ද තොරතුරු වාර්තා වනවා.

තවමත් මෙම වයස් සීමාව සම්බන්ධ නව නීති පාර්ලිමේන්තුව තුළ සම්මත වී නොමැති බැවින් මෙහි සදහන් ඇතැම් තොරතුරු වෙනස් විය හැකි බවට ද වැඩිදුරටත් සදහන් වී තිබෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »