Search

ඔස්ට්‍රේලියාවේ Cash Rate වෙනස් වීම ගැන ප්‍රධාන බැංකු 4කින් අනාවරණයක්

පොලී අනුපාතිකය අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවන්ට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 4ක් අද ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

වෙස්ට්පැක් බැංකුවද අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලබන වසරේ පෙබරවාරි සිට මැයි දක්වා
කාලසීමාව තුළ මෙම කප්පාදුව සිදුවනු ඇති බවයි.

2025 වසරේ පළමු පොලී අනුපාත කප්පාදුව සම්බන්ධයෙන් නිශ්චිත එකගතාවක් මෙතෙක් නොමැති බවද සදහන් කර තිබෙනවා.

සංචිත බැංකුව දැනට පුරෝකථනය කරන පරිදි උද්ධමනය අඩු නොවන්නේ නම්, පොලි අනුපාතිකය අඩු වනවා වෙනුවට ඉහළ යනු ඇතැයි සදහන්.

තවද Common Wealth Bank සහ ANZ බැංකු සදහන් කර ඇත්තේ 2025 දෙසැම්බර් මාසය වන විය බැංකු පොලී අනුපාතිකය සියයට 3.35 ක අගයක් ගනු ඇති බවයි.

ෆෙඩරල් බැංකුව මෙම වසරේ මාස 6ක කාලක් පටන් බැංකු පොලී අනුපාතිකය එකම අගයක රඳවා ගැනීමට කටයුතු කළා.

සංචිත බැංකු ප්‍රධානීන් මෙම වසර අවසානයේ අවසන් රැස්වීම දෙසැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිතයි