ඩොලර් මිලියන 200 ක කොකේන් චෝදනාවට ඔස්ටේ්‍රලියානු රුවල් ශූරයා වරදකරු වෙයි

ඔලිම්පික් පදක්කම් පවා දිනා ඇති ඔස්ටේ්‍රලියානු රුවල් ඔරු ශූරයෙකු වන Nathan Baggaley සහ Dru Baggaley සහ ඔහුගේ සොයුරා රට තුළට ඩොලර් මිලියන 200 ක් වටිනා කොකේන් ගෙන ඒම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වී තිබෙනවා.

බෝට්ටුවක් යොදා ගනිමින් මෙම කොකේන් ගෙන ආ බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ.

මෙම මාසය අවසන් වනවිට මෙම දෙදෙනාට දඩුවම් නියම කිරීමට නියමිතයි.

2004 ඇතැන්ස් ඔලිම්පික් උළෙලේදී Nathan Baggaley විසින් රිදී පදක්කම් 02 ක් දිනා ගනු ලැබුවා.

2018 වසරේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ ක්වීන්ස්ලන්ඩ් වෙරළ තීරයේදීයි.