Search

වික්ටෝරියා ඔබටත් 000 බිඳවැටුණා ද?

වික්ටෝරියා ප්‍රාන්තයේ 000 හදිසි ඇමතුම් පද්ධතිය තුළ හදිසි බිදවැටීමක් සිදුව තිබෙනවා.

ඊයේ (20) දින පස්වරු 5.30 සිට 7.15 දක්වා පැය දෙකකට ආසන්න කාලයක් හදිසි ඇමතුම් පද්ධතිය ක්‍රියා විරහිත වී තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අද් (21) දිනයේදී පාර්ලිමේන්තුවේදී පරීක්ෂණයක් සිදුකර තිබෙන බව ද වාර්තා වනවා.

පද්ධතිය තුළ හදිසියේ ඇති වූ මෙම බිදවැටීම හේතුවෙන් හදිසි ඇමතුම් අංශ නිලධාරීන්ට පෑන් සහ කඩදාසි භාවිතා කිරීමට සිදුවී ඇති අතර මෙම බිදවැටීම සැලසුම් නොකළ එකක් වන බවත් ඊට ප්‍රතිචාර වශයෙන් අමතර සැලසුමක් භාවිතා කිරීමට සිදුවූ බවයි වික්ටෝරියා ප්‍රාන්ත 000 හදිසි ඇමතුම් අංශ ප්‍රකාශකයෙකු විසින් සදහන් කර ඇත්තේ.

හදිසි ඇමතුම් පද්ධතිය බිදවැටුණු කාලසීමාව තුළ දුරකතන ඇමතුම් කොපමණ ප්‍රමාණයක් ලැබී තිබෙනවා ද සහ මෙම තත්වය හමුවේ ඇමතුම් ලබාදුන් පුද්ගලයන්ට කිසියම් වූ ගැටළුකාරී තත්වයක් ඇති වී තිබෙනවා ද පිළිබදව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව ද සදහන් වනවා.

වික්ටෝරියා ප්‍රාන්ත 000 හදිසි ඇමතුම් අංකයට 2023-2024 මූල්‍ය වර්ෂය තුළ දී පමණක් දෛනිකවා සාමන්‍ය ඇමතුම් 7894 ක් පමණ ලැබී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවයි වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් අද (21) දින මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »