
10 වන නව පාර්ලිමේන්තුවේ 27 වන කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත් එය ස්ථීර කළා.
අශෝක රංවල මහතා 2024 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් ලැබු අයෙක් වන අතර ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 109,332ක්.

රංවල මහතා ලංකා ඛනිජතෙල් සංස්ථාවේ, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවය කල අයෙක්.
මේ අතර නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් රිස්වි සාලි පත්කෙරුණා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් ඒ නම යෝජනා කළ අතර, එය කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් විසින් ස්ථීර කළා.
නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර පත්වීමද විශේෂත්වයක්.
මේ අතර ආණ්ඩු පක්ෂයේ සභානායක තනතුර අමාත්‍ය බිමල් රත්නායකට සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධානයක ධුරයට වෛද්‍ය නලින්ද ජයතිස්ස පත්කළා.
විරුද්ධපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාව කථානායකවරයා විසින් පිළිගනු ලැබුවා.
කථානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කථානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරනු ඇති.
පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමිවුණා.