Search

ආසියාතික රටකදී විෂ මත්පැන් පානය කල මෙල්බන් තරුණිය මිය යයි

ලාඕසයේදී විෂ සහිත මත්පැන් වර්ගයක් පානය කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ සිටි මෙල්බන් තරුණියන් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි බියන්කා ජෝන්ස් නම් තරුණියක්.

ඇයත් සමග සංචාරයට එක්වූ හෙලී බෝල්ස් ද විෂ මත්පැන් පානය කර අසාධ්‍ය තත්වයේ පසුවන බවද සදහන්.

මේ සිදුවීමත් සමග ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට නව අනතුරු ඇඟවීමක් ද ෆෙඩරල් රජය විසින් නිකුත් කර තිබෙනවා.

ෆෙඩරල් රජයේ සංචාරක උපදේශන වෙබ් අඩවිය වන ස්මාර්ට් ට්‍රැවලර් විසින් එහි මාර්ගෝපදේශ යාවත්කාලීන කරමින් ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා ඇත්තේ ලාඕසයේදී මත්පැන් පානය කිරීමේදී ප්‍රවේශම් වන ලෙසයි.

පසුගිය සතියේ ලාඕසයේදී මත්පැන් පානය කරමින් සිටියදී මෙතනෝල් පානය කළ බවට වාර්තා වූ මෙල්බන් තරුණියන් දෙදෙනාගෙන් අනෙක් තරුණිය තවදුරටත් ජීවිත ආධාරක මත ප්‍රතිකාර ලැබීම හේතුවෙන් රජය මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා.

මෙම විෂ සහිත මත්පැන් පානය කළ තවත් සංචාරකයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ස්මාර්ට් ට්‍රැවලර් ඔස්ට්‍රේලියා සංචාරකයන්ගෙන් ඉල්ලා ඇත්තේ ලාඕසයේ දී කොක්ටේල් ඇතුළු ස්ප්‍රීතු ආශ්‍රිත පාන වර්ග මෙන්ම සාමාන්‍ය මත්පැන් පානය කරන්නේ නම් දැඩි විමසිල්ලෙන් සිටින ලෙසටයි.

මත්පැන් නිෂ්පාදනයේදී එතනෝල් සඳහා ලාභදායී ආදේශකයක් ලෙස මෙතනෝල් මත්පැන්වලට නීති විරෝධී ලෙස එකතු කරන අතර ඒවා කුඩා ප්‍රමාණයක් පානය කිරීම පවා මාරාන්තික විය හැකි බවයි අනතුරු අඟවා ඇත්තේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »