
ඔස්ට්‍රේලියානුවන්ගෙන් බහුතරයකට ඔස්ට්‍රේලියානු ධජය එලෙසම තබා ගැනීමට අවශ්‍ය බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
රෝයි මෝගන් විසින් ඔස්ට්‍රේලියානුවන් 1312 දෙනෙක් යොදාගෙන මෙම අධ්‍යනය සිදු කර ඇති අතර ඉන් සියයට 61ක බහුතරයක් සදහන් කර ඇත්තේ දැනට පවතින ධජය එලෙසම පවත්වාගෙන යෑමට කැමති බවයි.
එනම් Union Jack, Southern Cross, සහ Commonwealth Star එලෙසම ධජය තුළ පවත්වාගෙන යෑම සුදුසු බවයි.

සමීක්‍ෂණයට ප්‍රතිචාර දැක්වූවන් කියා සිටියේ කොඩියේ ඓතිහාසික වැදගත්කම සහ උරුමය හා තමන් ද බැදී ඇති බැවින් අනවශ්‍ය නිවැරදි කිරීමක් සදහා නොයන ලෙසයි.
ජාතික කොඩියේ ස්වරූපය සම්බන්ධයෙන් බොහෝ කලක සිට වෙනස්කම් එකතු විය යුතු බවට තර්ක සිදු කළත් බොහෝ දෙනෙක් පවසන්නේ එය අනවශ්‍ය පිරිවැයක් බවයි.

කෙසේ වෙතත් ජාතික ධජය වෙනස් කළ යුතු බවට තර්ක කරන පිරිස් පවසන්නේ ධජයෙන් Union Jack ඉවත්විය යුතු බවයි.