Search

ඔස්ට්‍රේලියාවේ නිවසක් ගන්න අවම වසර 11ක් මුදල් ඉතුරු කරන්න වෙයි

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ කුලී නිවාස සහ උකස් ආතතිය තවදුරටත් ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යනයක දි යළි තහවුරු වී තිබෙනවා.

CoreLogic වාර්තා අනුව වාර්ෂික ආදායම ඩොලර් 101000 පමණ වන නිවසක එම ආදායමෙන් සියයට 33ක් අනිවාර්යයෙන්ම කුලී නිවාස සදහා වැය කිරීමට සිදුවන බවයි අනාවරණය වන්නේ.

තමන්ගේම නිවසක් මිලදී ගැනීම සදහා අවම වශයෙන් එම නිවාස වටිනාකමින් සියයට 20ක තැන්පතුවක් හෝ පැවතිය යුතු බව සදහන්.

එසේ සියයට 20ක තැන්පතුවක් සදහා අවම වශයෙන් වසර 11කට ආසන්න කාළයක් මුදක් ඉතිරි කරගත යුතු බව එහිදි අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ දේපළක් මිලදී ගැනීම සදහා ළගා විය නොහැකි තත්වයක් උදා වී තිබෙනවා.

2025 පෙබරවාරි වන තෙක් පොලී අනුපාතිකය පහත වැටීමක් අපේක්ෂා නොකරන බව ආර්ථික විශේෂඥයින් දන්වා තිබෙනවා.

දැරිය හැකි නිවාස මිලත් අඩු ආදායම්ලාභීන්ට දැරිය නොහැකි මට්ටමට ලගාවීම හේතුවෙන් නිවාස ප්‍රශ්නට ජාතික මට්ටමේ ගැටලුවක් ලෙස තවදුරටත් ව්‍යාප්තව ඇති බව සදහන්.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »