Search

Protection Visa ඇති සියල්ලන්ට ඔස්ට්‍රේලියා PR ලැබෙනවාද? ස්වදේශ දෙපාර්තුමේන්තුවෙන් විශේෂ පැහැදිලි කිරීමක්

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් Protection Visa (Subclass 866) සම්බන්ධයෙන් සංක්‍රමණිකයන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

Protection visas (subclass 866) ලබාදෙන්නේ සරණාගතයන් සදහා පමණක් වන බවත් රැකියා සදහා හෝ දීර්ඝ කාලයක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට ලබා දෙන විසා බලපත්‍රයක් නොවන බවයි වැඩිදුරටත් දන්වා ඇත්තේ.

මෙය වලංගු විසා බලපත්‍රයකින් ඔස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය සදහා ඉල්ලුම් කරන පුද්ගලයන් වෙත ලබා දීම සදහා නිර්මාණය කර ඇති විසා කාණ්ඩයක්.

කෙසේ වෙතත් Protection visas (subclass 866) බලපත්‍රය සම්බන්ධයෙන්
වැරදි තොරතුරු සමාජගත වී ඇති බවත් ඒ හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අවස්ථා අනිවාර්යයෙන් හිමිවන බවට වන අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වී ඇති බව සදහන්.

මේ හේතුවෙන් මෙම වීසා බලපත්‍ර ලබාගැනීම සදහා අයදුම් කරන පාර්ශවකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට විවිධ වූ ගැටළුවලට මුහුණදීමට සිදුවන බව ද සදහන් වනවා.

මෙම විසා බලපත්‍රයක් ලබාගැනීම සදහා දළ වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 45 ක මුදලක් වය වන අතර වීසා බලපත්‍රය නිකුත් කිරීම සදහා ගතවන කාලය සම්බන්ධයන් නිශ්චිතව සදහන් කර නැහැ.

මෙම විසා බලපත්‍ර ලබාගැනීම සදහා අයදුම් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් සරණාගතභාවය සම්බන්ධ විශේෂඥයෙකුගෙන් සහ ආගමන නීති උපදේශකයෙකුගෙන් අවශ්‍ය නීති උපදෙස් ලබාගත යුතු බවද එහි දක්වා තිබෙනවා.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »