
විශේෂ දක්ෂතා සහිත පුද්ගලයන්ට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම උදෙසා National Innovation Visa Subclass 858 මෙම වසර අවසානයේදී හදුන්වා දීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
National Innovation Visa Subclass 858 යනු විවිධ ක්ෂේත්‍රයන් තුළ විශේෂ ජයග්‍රහණ සහ කුසලතා දක්වා ඇති දැනට ඕස්ට්‍රේලියාවේ සිටින සහ ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට ලබා ගත හැකි ස්ථිර පදිංචිය ද හිමිවන විශේෂිත විසා වර්ගයක් බවයි සදහන් වන්නේ.
VisaGuide.World වාර්තා කරන්නේ මෙම විසා බලපත්‍රය Business Innovation and Investment visa (BIIP) සහ Global Talent visa යන විසා වැඩසටහන් වෙත ඉදිරියේදී ආදේශ කිරීමට නියමිත බවයි.

මෙම වීසා බලපත්‍රය ලබාගැනීම තුළින් ඔස්ට්‍රේලියාවේ ජිවත් වීමට, රැකියාවක නිරත වීමට සහ අනාගතයේ පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවද සදහන්.
නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ National Innovation Visa Subclass 858 හඳුන්වාදීම නිසා 2023-24 BIIP වීසා බලපත්‍ර සැලසුම 1,900 සිට 1,000 දක්වා අඩු කිරීමට සිදුවී ඇති බවයි.

එමෙන්ම 2024-2025 මුල්‍ය වර්ෂයට අදාලව ලබාදෙන Global Talent Visa විසා ප්‍රමාණයද 4,000 දක්වා අඩු කර තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.