
COVID වසංගත කාලසීමාවේ මැද භාගයේ සිට ඕස්ට්‍රේලියානු ව්‍යාපාර ක්ෂේත්‍රයන් තුළ විශාල කඩාවැටීමක් පෙන්නුම් කරන බවට සදහන් වී තිබෙනවා.
CreditorWatch’ හි ව්‍යාපාර අවදානම් දර්ශක (Business Risk Index) නව දත්ත වාර්තා පෙන්වාදෙන ආකාරයට 2024 වසරේ ඔක්තෝබර් මාසය වනවිට ව්‍යාපාර අංශයන්ගේ කඩාවැටීමේ සාමාන්‍ය අගය ආසන්න වශයෙන් 5.4% ක වාර්තාගත අගයකින් ඉහළ ගොස් ඇති බවයි.
ව්‍යාපාර හිමිකරුවන් චෝදනා කරන්නේ ජිවන වියදම ඉහළ යෑම සහ බදු ණය ඉහළ යෑම හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බවයි.

මෙම තත්වය හමුවේ ඕස්ට්‍රේලියානු ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර ඒ යටතේ ආහාර පාන අංශයේ ව්‍යාපාර 8.5% අනුපාතයකින් කඩාවැටී තිබෙන බවද සදහන්.
Cafe, අවන්හල් සහ pub වෙත මෙම තත්වය තදින්ම බලපැමක් එල්ල කරන බවත් ඉදිරි වසර තුලදී ඕස්ට්‍රේලියාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ව්‍යාපාර කඩාවැටීමේ අනුපාතය 9.1% කින් ඉහළ යන බවයි CreditorWatch විසින් අනුමාන කර ඇත්තේ.

පරිපාලන සහ උපකාරක සේවා අංශයේ ව්‍යාපාරවලට ද විශාල බලපෑමක් එල්ල වී ඇති පසුබිමක ඉදිකිරීම් සහ සිල්ලර කර්මාන්ත අංශයේ ව්‍යාපාර ද 5.3% ක අනුපාතයකින් කඩා වැටි තිබෙන බවද වැඩිදුරටත් සදහන්.
නගර වශයෙන් ගත් කළ ඉදිරි මස 12 ක කාලය තුළ සිඩ්නි හි ව්‍යාපාර ක්ෂේත්‍රයන් විශාල වශයෙන් කඩාවැටීමට නියමිත අතර පසුව එම තත්වය බ්‍රිස්බේන්, මෙල්බන් සහ පර්ත් යන නගරවල ව්‍යාපාර ක්ෂේත්‍රවලට ද බලපෑමක් ඇතිකරන බවට දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් අඩුම ව්‍යාපාර කඩාවැටීම සිදුවන්නේ ඇඩිලේඩ් හිදී බවයි මෙහි වැඩිදුරටත් සදහන් වී ඇත්තේ.