
ඕස්ට්‍රේලියානු සේවකයන් වසරකට ඩොලර් බිලියන 91 ක නොගෙවූ අතිකාල දීමනා සහිතව සේවය කර තිබෙන බවට නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.
The Australia Institute’s Centre for Future Work ආයතනය විසින් පෙන්වා දෙන්නේ දළ වශයෙන් සේවකයෙකු සෑම වසරකම සති පහක වැටුප් රහිතව අතිකාල සිදුකරන බවත් එය ඔවුන්ගේ සෞඛ්‍යයට, මුල්‍ය තත්වයට සහ සබදතාවලට විශාල බලපෑමක් එල්ල කරන බවයි.
The Australia Institute’s Centre for Future Work ආයතනය විසින් Go Home On Time day 2024 සදහා ඉදිරිපත් කරන ලද මෙම පර්යේෂණ වාර්තාව ඔස්සේ ඕස්ට්‍රේලියානු සේවකයන් විසින් වැටුප් නොමැතිව සේවය කරන අමතර පැය සදහා ගෙවීමක් සිදුකරන්නේ නම් ඔවුන්ට සති දෙකකට වරක් අමතර ඩොලර් 300 පමණ උපයාගත හැකි බවත් එක් සේවකයෙකු සදහා වසරකට ඩොලර් 7,713 ක් අමතරව උපයා ගත හැකි බවයි අනාවරණය වී ඇත්තේ.

අවුරුදු 18 ත් 29 ත් අතර සේවකයන් සතියකට පැය 4.4 ක් අතිකාල දීමනා නොමැතිව සේවය කරන බවත් සියලුම සේවකයන් පැය 3.6 ක් අතිකාල දීමනා නොමැතිව සේවය කරන බවයි මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ඔස්සේ තවදුරටත් තහවුරු වී තිබෙන්නේ.
අතිකාල වැටුප් නොලබන 70% ක සේවකයන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ එය තම සේවා ස්ථානයේ අපේක්ෂාව මත සිදුවන බවයි.

42% ක සේවකයන් පිරිසක් අමතර පැය සදහා සේවය ලබාදීමට තමන් බැදී සිටින බවත් 32% සේවක පිරිසක් සදහන් කර ඇත්තේ මේ ඔස්සේ තමන් ආතතියෙන් හා කනස්සල්ලෙන් යුතුව කාලය ගතකරන බවයි.