Search

සංක්‍රමණිකයින්ගේ ස්වභාෂා වලට මුල්තැන දෙන අලුත් වැඩක් අද මෙල්බන් වල

ඔස්ට්‍රේලියානු භාෂා පරිවර්තක ආයතනයේ (AUSIT) 37 වන වාර්ෂික සමුලුව අද සිට නොවැම්බර් 23 වනදා තෙක් මෙල්බන් හි පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

AUSIT සම්මන්ත්‍රණය ඉගෙනීමට, අදහස් හුවමාරු කර ගැනීමට සහ අන් ජාතීන් සමග විවෘත වීමට, අර්ථකථනය කිරීම සහ පරිවර්තනය කිරීම යන කාරනා මුල් කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

මෙම වසරේ එහි තේමාව වන්නේ -භාෂාමය සමානාත්මතාවය සහ ප්‍රවේශයයි: පරිවර්තනය සහ අර්ථ නිරූපණය මගින් ප්‍රජාවන් ලෝකයට සම්බන්ධ කිරීමයි.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව වසර 75 කට වැඩි කාලයක් භාෂා සේවා සැපයීමෙන් ඔස්ට්‍රේලියානු ප්‍රජාවට සහයෝගය දැක්වීමට දැඩි උනන්දුවක් දක්වන අතර මේ සදහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අනුග්‍රාහකත්වය දක්වනවා.

තවද ඔස්ට්‍රේලියාවේ AATIS ආයතනය මගින් ඕනෑම භාෂාවකින් ඔස්ට්‍රේලියාවේ සිටින ඔබට අවශ්‍ය සේවාවන් සැපයීමට බැදී සිටින අතර මෙම සේවා සදහා සම්බන්ධ වීමට Access Automated Telephone Interpreting Service (ATIS) on 1800 131 450 අංකය හා සම්බන්ධවීමෙන් අවස්ථාව හිමිවනවා.

ඔස්ට්‍රේලියාවේ ජිවත් වුවත් තමන්ගේ මව් භාෂාවෙන් අවශ්‍ය සේවා සැපයීම මෙහි අරමුණ වන අතර භාෂා නො ඇනුවත්කමින් අපහසුතාවට පත්කිරීම අවම කිරීම මෙහි අරමුණයි.

ඔස්ට්‍රේලියානුවන්ට පමණක් නොව සංක්‍රමණිකයින්ටද එක හා සමාන සේවා ලබා ගැනීමට එමගින් අවස්ථාව හිමිවනවා.
වැඩිදුර තොරතුරු සදහා
https://www.tisnational.gov.au

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »