Search

අද සිට ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයාට Call කරන්න පුලුවන්

අද (20) සිට ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා වෙත ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව හිමිව තිබෙනවා.

උත්තර ධ්‍රැවය දක්වා දිවෙන මෙම දුරකතන මාර්ගය අද දිනයේදී නිල වශයෙන් විවෘත වූ අතර #HO HO HO (#46 46 46) යන දුරකතන අංකයට Telstra Payphone භාවිතයෙන් ඇමතුමක් ලබා ගැනීම තුළින් ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා සමග කතා කිරීමට අවකාශය හිමිව තිබෙන බවද සදහන්.

ඔස්ට්‍රේලියාව පුරා තිබෙන Telstra Payphone භාවිතයෙන් නොමිලේම මෙම අත්දැකීම ලබා ගැනීමට හැකියාව ඇති අතර මෙල්බන් , සිඩ්නි සහ බ්‍රිස්බන් හි තිබෙන Telstra වෙළද සැල්වලට පැමිණීමෙන් ද ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා සමග සම්බන්ධ වීමට අවස්ථාව හිමි ව තිබෙනවා.

කුඩා ළමුන්ට නත්තල් සීයා සමග අවශ්‍ය ඕනෑම දෙයක් ගැන සාකච්ඡා කිරීමට මේ ඔස්සේ අවස්ථාව හිමි වන බවයි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

නත්තල් දින සවස් කාලය දක්වා නත්තල් සීයා වෙත තෑගි ඉල්ලීම් ඉදිරිපත් කිරීම සදහා මෙම ක්ෂණික ඇමතුම් අංකය විවෘතව පවතින බවයි වාර්තා වන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »