
ලොව පුරා රටවල් වල මත්පැන් පානය කිරීම සදහා වූ නිත්‍යානූකූල වයස් සීමාවන් පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
World of Statistics වෙබ් අඩවිය දක්වා ඇති පරිදි ලොව අවම වයස්සීමාවකින් මත්පැන් පානයට අවස්ථාව හිමිවන්නේ මාලි රාජ්‍යයටයි.
මාලි හි මත්පැන් පානයට වූ අවම වයස අවුරුදු 15 වන අතර ඔස්ට්‍රියා රාජ්‍යයේ අවම නීත්‍යානුකූල වයට අවුරුදු 16 ලෙසයි සදහන්ව ඇත්තේ.

එසේම බෙල්ජියම, ජර්මනිය, ලක්සැම්බර්ග් සහ ස්විස්ටර්ලන්තයේ මත්පැන් පානය කිරීමේ අවම නිත්‍යානුකූල වයස අවුරුදු 16 ලෙසයි සදහන්ව ඇත්තේ.
මේ අතර ඔස්ට්‍රේලියාවේ මත්පැන් පානය සදහා අවම නිත්‍යානුකූල වයස අවුරුදු 18 වන අතර බොහෝ රාජ්‍යයන් මත්පැන් පානයේ නිත්‍යානුකූල වයස ලෙස අවුරුදු 18 සදහන් කර තිබෙනවා.

තවද ඇමරිකාවේ මත්පැන් පානය කිරීමේ අවම නීත්‍යානුකූල වයස අවුරුදු 21ක් වන අතර ජපානයේ සහ තායිලන්තයේ එම වයස අවුරුදු 20 ලෙස සදහන්.
ලොව සෑම රාජ්‍යක්ම මෙලෙස මත්පැන් පානය සදහා අවම වයස නිත්‍යානුකූලව සදහම් කර නොමැති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා