
මෙවර නත්තල සැමරීම සදහා ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩකට වඩා ආහාර මිලදී ගෙනීමට අඩු මුදලක් වැය කරන බව නවතම අධ්‍යනයකදී අනාවරණය වී තිබෙනවා.
විශේෂයෙන් තෑගි සඳහා වන වියදම් මෙම වසරේ සියයට 48 කින් අඩු කරනු ඇතැයි අනාවරණය වනවා.
ඔස්ට්‍රේලියානුවන් මෙවර ජීවන වියදමත් සමග මූල්‍යමය අරගලයක නිරතවන බැවින් උත්සව සමය සදහා ප්‍රමාණවත් මුදලක් වැය කිරීමට සූදානම් නොවන බව සදහන්.

තවද එම පර්යේෂණ වලින් පෙනී යන්නේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 9.3 ක් පමණක් ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සදහා පුණ්‍ය ආයතන වෙත ළඟා වනු ඇති බවයි.
පුණ්‍යාඅයතන වෙත පැමිණෙන පිරිසෙන් සියයට 55ක් ප්‍රථම වතාවට උදව් ඉල්ලා පැමිණි පිරිස වීම ද විශේෂත්වයක්.

තවද මූල්‍ය පීඩන හමුවේ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 35 ක් තනිකම, කාංසාව හෝ මානසික ආතතියෙන් පීඩාවට පත්වනු ඇති බව එහිදි අනාවරණය වනවා.