Search

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

බදුල්ල පොලිසිය විසින් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැතිවරණයට සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු බදුල්ල පොලීසිට ගොස් තිබෙනවා.

හිටපු ඇමැතිවරයා ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලිසිය මගින් පෙළපාලිය විසුරුවා හරිනු ලැබුවා.

එහිදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ පොලිස් නිලධාරින් අතර ඇතිවූ සංවාදයක් හේතුවෙන් එහි නොසන්සුන් තත්වයක්ද ඇතිවුණා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »