
ඔස්ට්‍රේලියා රජය විසින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අපේක්ෂා කරන පුහුණු ශ්‍රමිකයන් උදෙසා ක්ෂේත්‍ර කිහිපයක නව රැකියා අවස්ථා යාවත්කාලීන කිරීමක් සිදුකර තිබෙනවා.
Medium and Long-term Strategic Skills List (MLTSSL) ඔස්සේ ඔස්ට්‍රේලියාව තුල ඉහල ඉල්ලුමක් සහ රටේ වර්ධනය සදහා වැදගත් වන රැකියා ක්ෂේත්‍රයන් හදුනා ගැනීම සිදුකරන අතර DAAD සදහන් කරන්නේ මෙම ලැයිස්තුව වසරකට දෙවතාවක් යාවත්කාලීන කරන බවයි.
DAAD සදහන් කරන ආකාරයට නොවැම්බර් මාසයේදී යාවත්කාලීන කරන ලද මෙම ලැයිස්තුවට රැකියා ක්ෂේත්‍ර කිහිපයක්ම ඇතුලත් වී තිබෙන අතර සයිබර් ආරක්ෂණ විශේෂඥයන්ට වසරකට දළ වශයෙන් වසරකට ඕස්ට්‍රේලියානු ඩොලර් 90,000 සිට 150,000 දක්වා වැටුපක් ලබාගත හැකි බවයි.

පුනර්ජනනීය බලශක්ති ඉංජිනේරුවන්ට ද මෙම ලැයිස්තුවේ විශේෂ ස්ථානයක් හිමිව ඇති අතර ඔවුන්ට දළ වශයෙන් වසරකට ඕස්ට්‍රේලියානු ඩොලර් 85,000 සිට 130,000 දක්වා වැටුපක් ලබාගැනීමට හැකි බවයි සදහන් වන්නේ.
සාත්තු සේවා කළමනාකරුවන්ට ( Aged Care Managers ) සහ දත්ත විශ්ලේෂකයින්ට ද (Data Scientists) ඔස්ට්‍රේලියාව තුල ඉහල රැකියා ඉල්ලුමක් පවතින අතර ඔවුන්ට පිළිවෙලින් වසරකට ඔස්ට්‍රේලියානු ඩොලර් 80,000 – 120,000 සහ ඔස්ට්‍රේලියානු ඩොලර් 100,000 – 160,000 දක්වා වැටුපක් හිමිවන බවද එහි දක්වා තිබෙනවා.

එසේම මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවයේ නියුතු හෙද සේවකයන්ටද (Mental Health Nurses) ඔස්ට්‍රේලියාව තුල ඉහල රැකියා ඉල්ලුමක් පවතින අතර ඔවුන්ට ද වාර්ෂිකව ඔස්ට්‍රේලියානු 70,000 සිට110,000 දක්වා වැටුපක් උපයා ගත හැකි බවද වැඩිදුරටත් සදහන්.