Search

හෙට සිට දින 4 ක් සිඩ්නි දුම්රිය සේවා නෑ?

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සහ වෘත්තීය සමිති අතර පවතින වැටුප් සම්බන්ධ ගැටලුකාරී වාතාවරණය හමුවේ හෙට (21) වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දින 4 ක කාලය තුළ දුම්රිය සේවය ක්‍රියාත්මක නොවිමට ඉඩකඩක් පවතින බවට වාර්තා වනවා.

සිඩ්නි හි ක්‍රියාත්මක වන සියලුම දුම්රිය සේවා බ්‍රහස්පතින්දා සහ ඉරිදා අතර කාලසීමාව තුළ අවලංගු විය හැකි පසුබිමක මෙම තත්වය සේවා ස්ථානයට, පාසලට සහ විශ්ව විද්‍යාලය වෙත ගමන් කරන මිලියන ගණනක ඔස්ට්‍රේලියානුවන්ට විශාල බලපෑමක් එල්ල කරන බවද සදහන්.

ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍ය Jo Haylen විසින් වෘත්තීය සමිති සමග එකගතාවයකට පැමිණීමට අපොහොසත් වීම හේතුවෙන් සිදුවන ගැටළුකාරී තත්වයන් පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.

මිලියන ගණනක ජනතාවක් සිඩ්නි දුම්රිය සේවය ඔස්සේ යැපෙන බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔවුන්ගේ දෛනික වැඩකටයුතුවලට විශාල බලපෑමක් එල්ල වන බවත් Jo Haylen විසින් සදහන් කර තිබෙනවා.

සිඩ්නි දුම්රිය සේවයට සමාන ප්‍රවාහන සේවාවක් සැපයීමට නොහැකි බවයි Jo Haylen වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

දුම්රිය ගමන් වාර නිල වශයෙන් අවලංගු වනවද එසේ අවලංගු වුවහොත් ඊට විකල්ප වශයෙන් යොදාගන්නා ප්‍රවාහන මාධ්‍යයන් යනවග සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද වාර්තා වනවා.

ප්‍රාන්ත රජය විසින් වසර තුනක කාලසීමාවක් තුල 3% ක වැටුප් වැඩිවීමක් ලබාදීමට තීරණය කළද සංගමය ඉල්ලා සිටින්නේ වසර 4 ක් ඇතුලත 32 ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසයි.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »