Search

මහල් නිවාස නිසා මෙල්බන් හි ගුණාත්මක භාවය පහල යන බවට චෝදනා

වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් මෙල්බන් හි තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රවාහන මධ්‍යස්ථාන අසල මහල් නිවාස ඉදිකිරීමට සැලසුම් කර තිබෙන පසුබිමක නාගරික සැලසුම් පිළිබඳ විශේෂඥයෙකු අනතුරු අඟවා ඇත්තේ මේ ඔස්සේ මෙල්බන් නගරය හතරවන මට්ටමේ නගරයක් (Fourth – Rate City) බවට පත් විය හැකි බවයි.

වික්ටෝරියානු රාජ්‍ය සැලසුම් දෙපාර්තුමේන්තුවේ සේවය කළ මහාචාර්ය Michael Buxton සදහන් කරන්නේ වික්ටෝරියා රජයේ මෙම සැලැස්ම තුළින් දැරිය හැකි නිවාස ලබා දීමක් සිදු නොවන බවයි.

මෙම සැලසුම තුළින් මෙල්බන් නගරය වෙත ජනයා ආකර්ෂණය කර ගත හැකි දෑ මෙන්ම මෙල්බන් ජීවත් වීමට සුදුසු නගරයක් බවට පත් කරන බොහෝ දෑ අහිමි කරන බවයි මහාචාර්ය Michael Buxton වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් ප්‍රාන්ත සැලසුම් අමාත්‍ය Sonya Kikenny විසින් මෙම විවේචනයන් සම්පූර්ණයෙන්ම වැරදි බව ප්‍රකාශ කර ඇති අතර වික්ටෝරියා ප්‍රාන්ත රජය මෙම ප්‍රකාශයන් සමග එකඟ නොවන බවද දක්වා තිබෙනවා.

ප්‍රාන්ත වැසියන්ට ජීවත් වීමට අවශ්‍ය නිවසක් මිලදී ගැනීමට හෝ කුලියට ගැනීමට අවස්ථාව සලසා දීම කෙරෙහි තම අවධානය යොමුව ඇති බවයි Sonya Kikenny විසින් ප්‍රකාශ කර ඇත්තේ.

ජනතාවට අවශ්‍ය වන්නේ පොදු ප්‍රවාහන සේවා වෙත පහසුවෙන් ළගාවිය හැකි උද්‍යාන, විවෘත අවකාශයන්, සේවා ස්ථාන සහ පාසල් සහිත කලාපයක ජීවත් වීමට බවයි ප්‍රාන්ත සැලසුම් අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »