
Ticketek වෙබ් අඩවිය ආරක්ෂක තර්ජනයක් හේතුවෙන් අද දිනයේ තාවකාලිකව නවතා දමා ඇති බවට සදහන් කර තිබෙනවා.
අද (19) උදෑසන එය තාවකාලිකව ක්‍රියා විරහිත වී ඇති අතර ඒ හේතුවෙන් සිදුවූ අපහසුතාවයට පාරිභෝගිකයන්ගෙන් සමාව අයැද සිටින බවට ඔවුන් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
පාරිභෝගිකයන් වෙත පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ වෙබ් අඩවියේ ආරක්ෂණය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් ඇතිවීම හේතුවෙන් ඒ සදහා මෙම පියවර ගැනීමට සිදුවූ බවයි.

Ticketek වෙබ් අඩවිය මීට පෙර ජූලි මසයේදී ද සයිබර් ප්‍රහාරයක ඉලක්කයක් බවට පත්ව තිබෙන බව ද වාර්තා වනවා.
පාරිභෝගියන් විශාල පිරිසක් Ticketek වෙබ් අඩවිය හරහා පණිවිඩයක් ලැබුණු බවට ප්‍රකාශ කර තිබුණු අතර එය Ticketek හි මව් සමාගම වන TEG සමාගම විසින් යවන ලද පණිවිඩයකට බොහෝ දුරට සමාන බවයි සදහන් වන්නේ.

මේ ඔස්සේ පාරිභෝගිකයන්ගේ උපන් දින , ඊ මේල් වැනි ඇතැම් දත්තවලට තර්ජනයක් වී ඇති නමුත් ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් සහ ගෙවීම් විස්තරවලට බලපෑමක් ඇති වී නොමැති බවට Ticketek විසින් සහතික කර ඇති බවද වැඩිදුරටත් සදහන්.