Search

ඔස්ට්‍රේලියානුවන් මිලියන 3කට නිවාස නැතිවෙන්න යයි

මිලියන තුනකට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් නිවාස අහිමි වීමේ අවදානමක සිටින බව නවතම වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා. 

 

නිවාස නොමැතිව අවදානමට ලක්ව සිටින ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ නිවාස නොමැති අයට සැපයෙන සේවා ප්‍රමාණවත් නොවන බවටයි වාර්තා වන්නේ.

 

2016 සහ 2022 අතර වසර හය තුළ නිවාස අහිමි වීමේ අවදානමට ලක් වූ ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සියයට 63කින් වැඩි වූ බව නව ආර්ථික වාර්තාවක් මගින් හෙළිවී තිබෙනවා.

 

2016 වසරේ ඔස්ට්‍රේලියානුවන් මිලියන 1.5ත් 2ත් අතර සංඛ්‍යාවක් නිවාස අහිමි වීමේ අවදානමක සිටි අතර 2022 වන විට එය මිලියන 2.7 සිට මිලියන 3.2 දක්වා ඉහළ ගොස් ඇති බව මෙම වාර්තාවේ සඳහන්. 

 

මෙම පර්යේෂණ වාර්තාවට අදාළව පසුගිය සැප්තැම්බර් මාසයේ සති දෙකක් පුරා නිවාස නොමැති අයට සේවා සපයන ආයතන 23ක් සමීක්ෂණයට ලක් කර තිබෙනවා. 

 

එම ආයතන බහුතරයකට අධික ඉල්ලුමට සාර්ථකව මුහුණ දීමට නොහැකි වූ අතර සේවාවලින් සියයට 83කට දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමට නොහැකි වී ඇති බව සඳහන්.

 

මිලියන තුනකට වැඩි පිරිසක් නිවාස අහිමි වීමේ අවදානමට ලක්ව ඇති බැවින් මෙම සේවාවන්ට නියමිත වේලාවට පෙර ආයතන වසා දැමීමටත්, ඇමතුම්වලට පිළිතුරු නොදී සිටීමටත් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙම සමීක්ෂණයට පදනම් වූ කාලය තුළ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල නිවාස අහිමි වීමේ අවදානමේ සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව පිළිවෙලින් සියයට 67කින් සහ 64කින් ඉහළ ගොස් තිබෙනවා.