
එක් දිනක් තුළ ගුවන් මගීන් ලක්ෂ පහක් රැගෙන යෑමෙන් ඉන්දිය ගුවන් සේවය නව ලෝක වාර්තාවක් පිහියුවා තිබෙනවා.
ඉන්දියානු ගුවන් සේවය 2024 නොවැම්බර් 17 වන දින මෙලෙස ඉතිහාසගත වූයේ එක් දිනක් තුළ අභ්‍යන්තර ගුවන් මගීන් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් රැගෙන යෑමත් සමගයි.
ඉන්දීය සියලුම ගුවන් සමාගම් එක්ව අභ්‍යන්තර පිටත්වීම් 3173ක් හරහා අභ්‍යන්තර මගීන් 5,05,412ක් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නොවැම්බර් 08 වන දින මගීන් ලක්ෂ 4.9ක් වාර්තා කර ඇති අතර පසුගිය 17 වනදා වාර්තාවත් සමග ලොව එක් දිනක වැඩිම අභ්‍යන්තර ගුවන් මගීන් ගණනක් සංචාරය කල ගුවන් සේවය ලෙස මෙය වාර්තා අතරට එක්වුණා.
නොවැම්බර් මාසයේ ඉන්දීය ගුවන් සේවය ගුවන් ගමන් යෙදවීම දිනකට සාමාන්‍ය 3161 ක් ලෙස සදහන්ව පවතින අතර නොවැම්බර් මාසයේ ගතවූ දින කිහිපය තුළ දිනකට ලක්ෂ 4කට ආසන්න පිරිසක් අභ්‍යන්තර ගුවන් සේවා භාවිත කර ඇති බව සදහන්.

විශේෂයෙන් දීපවාලි උත්සවයට සමගාමීව මෙලෙස පිරිස් අභ්‍යන්තර ගුවන් සේවා වැඩි වශයෙන් භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.