Search

ඔස්ට්‍රේලියානුවන් $7600 කින් දුප්පත් වෙන්න යයි

ආගමන විගමන සහකාර අමාත්‍ය Matt Thistlethwaite සහ ලිබරල් සෙනෙට් සභික Hollie Hughes සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී ජීවන වියදම සම්බන්ධයෙන් විවාදාත්මක ස්වරූපයෙන් කරුණු හුවමාරු කරගෙන තිබෙනවා.

මෙම මතභේදාත්මක තත්වය ඇතිවී තිබෙන්නේ කම්කරු පක්ෂය විසින් විපක්ෂ නායක Peter Dutton ඉලක්ක කරගෙන සිදුකරන නව දැන්වීම් ව්‍යාපාරයක් හේතුවෙන් වන අතර එහි සභාග ආණ්ඩුවක් යටතේ ඕස්ට්‍රේලියානුවන් ඩොලර් 7600 කින් දුප්පත් වන බවයි සදහන් වන්නේ.

මෙම දැන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආගමන විගමන සහකාර අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ විපක්ෂ නායකවරයා බලයට පත් වුවහොත් ජිවන වියදම, සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ ශුද්ධ ශුන්‍ය ඉලක්කවල ප්‍රගතිය අවදානමට ලක්වන බවයි.

මේ සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවේදී හඬ අවදි කල ලිබරල් සෙනෙට් සභික Hollie Hughes ආණ්ඩුව ජිවන වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග විවේචනය කල අතර මෙම දැන්වීම කම්කරු පක්ෂයේ මඩ ගැසීමක් බවයි සදහන් කර ඇත්තේ.

2025 වසරේ මැයි මාසයේදී පැවැත්විය යුතු ෆෙඩරල් මැතිවරණය වෙනුවෙන් සභාග ආණ්ඩුව තවමත් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර නොමැති බවත් එමගින් පෙනීයන්නේ විපක්ෂයට නිසි සැලසුමක් නොමැති බවයි ආගමන විගමන සහකාර අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

එම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ ලිබරල් සෙනෙට් සභික Hollie Hughes වේගවත් ස්වරයෙන් සදහන් කර ඇත්තේ එය සත්‍යයක් ලෙස තමන් නොසිතන බවයි.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »