Search

Skilled Migration Program ගැන ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයකින් දැනුම් දීමක්

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 2024-2025 වර්ෂය සදහා වූ සාමාන්‍ය නිපුණතා සංක්‍රමණ වැඩසටහන (General Skilled Migration Program) යටතේ ඇතැම් රැකියා ක්ෂේත්‍ර සදහා වැඩි ඉල්ලුමක් පවතින බව දක්වා තිබෙනවා.

ඒ අනුව සුපවේදය, මෝටර් කාර්මික (සාමාන්‍ය) සහ ලියාපදිංචි හෙද සේවය වැනි රැකියා ක්ෂේත්‍ර සදහා වැඩි අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට අපේක්ෂා කරන බව සදහන් වනවා.

මෙම රැකියා ක්ෂේත්‍රයන් සදහා පවතින ඉහළ උනන්දුව සැලකිල්ලට ගනිමින්, නිපුණතා හා ව්‍යාපාර සංක්‍රමණ (SBM) අංශය විසින් මෙම රැකියා සඳහා දැනට අයදුම්කර ඇති සහ අයදුම් කිරීමට බලාපොරොත්තු වන රැකියා අපේක්ෂකයන්ට SBM හි DAMA වැඩසටහන වැනි විකල්ප වීසා ක්‍රමවේදයන් පිළිබදව අධ්‍යයනය කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

සේවාදායකයින්ට තම සේවායෝජකයන් සහ සංක්‍රමණ නියෝජිතයන් සමඟ විකල්ප වීසා ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කීරීම සිදුකළ හැකි බවද එහි වැඩිදුරටත් සදහන්.

මේ වනවිට මෙම රැකියා ක්ෂේත්‍ර පවතින ඉහළ උනන්දුව හේතුවෙන් නිපුණතා හා ව්‍යාපාර සංක්‍රමණ (SBM) අංශය වෙත ලැබී ඇති රැකියා කෝටාව ඉක්මවා ගොස් තිබෙන බවද සදහන්.

නිපුණතා හා ව්‍යාපාර සංක්‍රමණ (SBM) අංශය විසින් දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ජිවත්වන සහ සේවය කරන සේවා දායකයන් සදහා පවතින රැකියා ප්‍රමාණයට අනුකුලව සතිපතා දැනුම්දීම් සිදුකරන බවද දක්වා තිබෙනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »