
වික්ටෝරියා ප්‍රාන්තයේ බටහිර ප්‍රදේශවල ඇතිවී තිබෙන ලැව් ගිනි තත්වය තවදුරටත් පාලනයෙන් තොරව පැතිරී යන අතර මේ වනවිට Great Ocean Road හි පිහිටි සංචාරක ස්ථානවල සිටි පුද්ගලයන් එම ස්ථානවලින් ඉවත් කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා දිනයේදී ලැව්ගිනි තත්වයන් සහ තෘණ ආශ්‍රිත ලැව් ගිනි තත්වයන් 80 ක් පමණ සිදුවී ඇති අතර ඉන් Kadnook ප්‍රදේශයේ සහ Great Ocean Road ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවී තිබෙන ලැව් ගිනි තත්වයන් ගිනි නිවන භට කණ්ඩායම් විසින් නිවා දැමීමට කටයුතු කරමින් සිටින බවයි සදහන් වන්නේ.
බලධාරීන් විසින් Otway ජාතික වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයේ සිටි කදවුරු බදින්නන් සහ කදු නගින්නන් වහාම එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ ආසන්නයේ පිහිටි ඇවිදින මංතීරු ද තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

Chapple Vale හි ලැව් ගිනි තත්වයන් හේතුවෙන් හෙක්ටයාර 700 ක පමණ භූමි භාගයක් විනාශ වී ඇති අතර Crows, Gellibrand Lower, Johanna, Johanna Heights, Lavers Hill, Stalker Wangerrip, Wattle Hill සහ Yuulong යන ප්‍රදේශවල හා ඒ අවට සිටින ඕනෑම පුද්ගලයෙකුට වහාම එම ප්‍රදේශ්වලින් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙන බවයි සදහන් වන්නේ.
Kadnook හීදී ඇතිවූ ලැව් ගිනි තත්වයෙන් එක් නිවසක් විනාශ වී තිබෙන තිබෙන පසුබිමක තවත් නිවාස දෙකක් පමණ විනාශ වී ඇති බවට බලධාරීන් විසින් අනුමාන කරන බව ද වාර්තා වනවා.

පැතිර යන ලැව් ගිනි තත්වයන් පාලනය කිරීම සදහා ගුවන් මගින් ජල බෝම්බ හෙලීම සිදුකළ බවද CFA හි ප්‍රධාන නිලධාරී Jeson Heffernon විසින් සදහන් කර තිබෙනවා.