
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකු වෙනසක් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු ව එම තරගයෙන් නිදහස් කිරීමටයි තීරණය කර ඇත්තේ.
එළැඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලියට සූදානම් වීම සඳහා කාලය ලබාදීමේ අරමුණින් එම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඔවුන් වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු උදාර සහ එෂාන් මාලිංග සංචිතයට කැඳවා තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වැනි එක්දින තරගය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී හෙට (19) පැවැත්වෙනවා.
