
ආසියාතික රටක නීති විරෝධි මත්පැන් වර්ගයක් පානය කළ මෙල්බන් කරුණියක් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වනවා.
මෙල්බර්න් හි බේසයිඩ් තදාසන්න ප්‍රදේශයේ උපාධිදාරියන් වන මොවුන් ලාඕසයේ දි මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබෙනවා.
ලාඔසයේ නිවාඩුවක් ගත කිරීමට ගිය අවස්ථාවේ දී ලාඔස ජාතිකයින් සමග මොවුන් මෙම නීති විරෝධි මත්පැන් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අහිතකර මත්පැන් පානය කළ පුද්ගලයින් 12 දෙනෙකු පමණ මේ වන විට රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
මෙරට විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ලාඔසය සමග සම්බන්ධ වන බව සදහන්.
