
චෙක්පත් භාවිතය ඉවත් කිරීමේ සැලැස්ම ක්‍රමානුකූලව ක්‍රියාවට නංවන අතරම 2026 වසරේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ව්‍යාපාර විසින් මුදල් භාර ගත යුතු බවට නියම කරන බව ෆෙඩරල් රජය පවසනවා.
තවදුරටත් මුදල් භාවිත කරන ඔස්ට්‍රේලියානුවන්ට ස්වභාවික විපතකදී හෝ ඩිජිටල් තාක්ෂණික ගෙවීම් ඇනහිටීම්වලදී තවමත් මුදල් මගින් භාණ්ඩ මිලදී ගැනීම් සිදු කළ හැකි බව සහතික කිරීම මෙම යෝජනාවේ අරමුණ බවයි සඳහන් වන්නේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව භාණ්ඩාගාරය මෙම වසර අවසන් වීමට පෙර උපදේශනයක් ආරම්භ කිරීමට නියමිතයි.

මුදල් ගෙවා මිලදී ගත හැකි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට සිල්ලර බඩු සහ ඉන්ධන ඇතුළත් විය හැකි අතර මුදල් ගෙවීම පහසුකම් සලසන ප්‍රධාන ව්‍යාපාර අතරට සුපිරි වෙළඳසැල්, බැංකු සේවා, ඉන්ධන පිරවුම්හල් සහ සෞඛ්‍ය සේවා ඇතුළත් වනු ඇති.
ඔස්ට්‍රේලියාව තුළ පසුගිය මූල්‍ය වසරේ බැංකු ශාඛා 200ක් පමණ වසා දැමුණු අතර ඩිජිටල් ගෙවීම් සඳහා වන පෙළඹවීම හේතුවෙන් පසුගිය වසර පහ තුළ ATM යන්ත්‍ර 6000කට අධික ප්‍රමාණයක් ක්‍රියා විරහිත කර තිබෙනවා.

වර්තමානයේ ව්‍යාපාරවලට මුදල් ප්‍රතික්ෂේප කිරීමට අවසර පවතින අතර ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමට අවශ්‍ය නම්, ඔවුන්ට අමතර මුදලක් අය කිරීමේ හැකියාව ද පවතින බව සඳහන්.
රජය පවසන්නේ 2028 වසරේ ජුනි 30 වන විට චෙක්පත් නිකුත් කිරීම නැවැත්වීමටත්, 2029 වසරේ සැප්තැම්බර් 30 වන විට චෙක්පත් භාර ගැනීම නතර කිරීමටත් අපේක්ෂා කරන බවයි.
භාණ්ඩාගාරික ජිම් චාමර්ස් පවසන්නේ චෙක්පත් ක්‍රමානුකූලව ඉවත් කරන තෙක් ගනුදෙනුකරුවන්ට මුදල් ලබා ගැනීමට හැකි වන පරිදි සහාය දෙන ලෙසට ප්‍රධාන බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ට ද ලිඛිතව දන්වා ඇති බවයි.