Search

$ මිලියන 2.5 අමතකවූ ජයග්‍රාහකයා ඔබ විය හැකියි? දැන්ම බලන්න

සති අන්තයේ දිනුම් අදිනු ලැබූ ලොටෝ ලොතරැයියකින් හිමි වූ ඩොලර් මිලියන 2.5ක සුපිරි ත්‍යාගයේ ජයග්‍රාහකයා සොයා ලොතරැයි නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. 

 

මෙම අභිරහස් ජයග්‍රාහකයා සෙනසුරාදා දිනුම් අදිනු ලැබූ ලොතරැයියේ ඩිවිෂන් වන් හි ත්‍යාග දෙකෙන් එකක් දිනා ගැනීමට සමත්ව ඇති අතර ඔහු එය තවමත් නොදැන සිටින බවයි සඳහන් වන්නේ. 

 

නිව් සවුත් වේල්ස් හි “ද එන්ට්‍රස් නිව්ස් ඒජන්සි” වෙතින් මිලදී ගෙන ඇති මෙම ලොතරැයිය ක්‍රීඩක කාඩ්පතක් සමඟ ලියාපදිංචි කර නොතිබීම හේතුවෙන් ජයග්‍රාහකයා සොයා ගැනීම අපහසු වී තිබෙනවා.

 

මේ හේතුවෙන් අදාළ ලොතරැයි හිමියා තම ටිකට් පත පරීක්ෂා කර ජයග්‍රහණය තහවුරු කර ගැනීමට පැමිණෙන තෙක් ලොතරැයි නිලධාරීන් බලා සිටිය යුතු වනවා.

 

ලොතරැයි ප්‍රකාශක මැට් හාට් පැවසුවේ මෙම ජයග්‍රාහකයා තමන් මිලියනපතියෙකු බවට පත්ව ඇති බව නොදැන තවමත් සාමාන්‍ය පරිදි සිටිනු ඇති බවයි.

 

මේ අනුව “ද එන්ට්‍රස් නිව්ස් ඒජන්සි වෙතින් සෙනසුරාදා ලොටෝ ටිකට් පතක් මිලදී ගත් ඕනෑම අයෙකුට ඔවුන්ගේ ලොතරැයි  පරීක්ෂා කරන ලෙසට ලොතරැයි නිලධාරීන් ඉල්ලීමක් කර තිබෙනවා.