Search

වික්ටෝරියානුවන්ගෙන් 75% මත්පැන් පානය කරත් සෞඛ්‍ය සම්පන්නයි

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂිතම ප්‍රාන්ත සහ ප්‍රදේශ පිළිබඳ නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව වඩාත් හොද සෞඛ්‍ය මාර්ගෝපදේශයක් සහිත ව්‍යායාම සිදුකරන, පළතුරු සහ එළවළු පරිභෝජනය කිරීම් සහ මත්පැන් පානය දක්වා සියලු නිර්ණායක සැලකිල්ලට ගනිමින් මෙම වර්ගීකරණය සිදු කර තිබීම විශේෂත්වයක්.

එම වර්ගීකරණය අනුව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ආරක්ෂිතම ප්‍රාන්ත ලෙස නම් කර ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයයි.

වික්ටෝරියානුවන්ගෙන් සියයට 75 කට වැඩි ප්‍රමාණයක් මත්පැන් පානය කළ ද ඔවුන් නියමිත සීමාවන් තුළ සිටින අතර ව්‍යායාම් ද නිසි පරිදි කරනු ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දෙවන සෞඛ්‍ය ආරක්ෂිත ප්‍රාන්තය ලෙස නම් කර ඇත්තේ ACT පරිපාලන කලාපයයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය එම ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානයට නම් කර ඇති අතර දකුණු ඔස්ට්‍රේලියාව 4 වන ස්ථානයට නම් කර තිබෙනවා.

විශේෂයෙන් පුද්ගලයින්ගේ සෞඛ්‍ය පුරුදු ආහාර රටා ව්‍යායාම් සහ නිරෝගිකම යන සාධක මත පදනම්ව මෙම නම් කිරීම සිදු කර තිබුණා.

මෙහිදි බටහිර ඔස්ට්‍රේලියාවට හිමිවන්නේ 5වන ස්ථානය වන අතර ටස්මේනියාවට හිමිවන්නේ 6 වන ස්ථානයයි.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »