Search

වසර 23කට පසු සිඩ්නි හි දී හෙළිවූ සූක්ෂම ළමා අපචාර චෝදනාව

දශක දෙකක කාලයක් පුරා පැවති අසභ්‍ය පහරදීම් සහ අනවශ්‍ය ලිංගික ස්පර්ශ කිරීම් ඇතුලු චෝදනා රැසකට හිටපු ප්‍රධාන මාධ්‍ය ප්‍රධානියෙක් වන ඇලන් ජෝන්ස් සිඩ්නිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2024 මාර්තු මාසයේදී, රාජ්‍ය අපරාධ විධානයේ ළමා අපයෝජන සංචිතය 2001 සහ 2019 අතර සිදු වූ බව කියන අසභ්‍ය පහරදීම් සහ ලිංගික ස්පර්ශ සිද්ධීන් ගණනාවක් විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

මෙය ඉතා සූක්ෂමව සහ රහසිගතව සිදුවු ක්‍රියාවලියක් වන අතර 83 හැවිරිදි සැකකාර ජෝන්ස් අද උදෑසන ඔහුගේ සිඩ්නි නිවසේදිම අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති බව සදහන්.

සැකකරු ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙලේ මාධ්‍ය ආයතන රැසක ප්‍රධාන තනතුරු දරා ඇති අතර NSW පොලිස් කොමසාරිස් Karen Webb, සදහන් කළේ දීර්ඝ විමර්ශනකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි.

පරීක්ෂණය කළ නොහැකි තරම් පැරණි කාරනා නොමැතිවීම හේතුවෙන් මෙම පරික්ෂණය සාර්ථකව සිදු කිරීමට වෙනම ඒකකයක් ද පත් කර තිබුණා.

ඇලන් ජෝන්ස් වසර 35 කට අධික මාධ්‍ය ක්ශේත්‍රයේ ප්‍රමුඛයෙක් ලෙසයි ඔහු ඔස්ට්‍රේලියාව තුළ කැපී පෙනෙන චරිතයක්.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු පසුව දැනුම් දන බවයි NSW පොලීසිය සදහන් කළේ.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »

රොකට්ටුවකින් වාර්තාවක් තැබීමට යන ඔස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාව අභ්‍යවකාශ හා නිෂ්පාදන ඉතිහාසයේ වාර්තාගත මොහොතකට සූදානම් වනවා. ඒ Gilmour Space  සිය පළමු Eris rocket යානය බ්‍රහස්පතින්දා උදෑසන අභ්‍යවකාශයට යැවීමට වන සූදානමත් සමගයි. මෙය

Read More »