
වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි ලාංකිකයන්ගෙන් VCE High Achievers ප්‍රදානයන් සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මෙල්බන් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සඳහන් කලේ සුදුසුකම් සපුරා ඇති සිසුන් 10 දෙනෙකුට මෙවර සම්මාන පිරිනැමෙන බවයි.
ATAR Score හි කුසලතා සහ සිංහල / දෙමළ භාෂා කුසලතා පදනම් කරගනිමින් සම්මාන ප්‍රදානය සිදුකෙරනවා.

ලබන ජනවාරි 03 වනදා (2025-01-03) පස්වරු 05 ට පෙර අයදුම්පත් යොමු කල යුතු බවද මෙල්බන් හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය දන්වා සිටීනවා.
පහත සුදුසුකම් සපුරා ඇති සිසුන්ට පහතින් දක්වා ඇති මාර්ග ඔස්සේ මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකියි.

*VCE High Achievers’ Awards – ATAR score of 95 or above
*High Achiever Award for Sinhala Language – Study score of 40 or above
*High Achiever Award for Tamil Language – Study score of 40 or above
For further information : (03) 9290 4200 / [email protected] or www.slcgmel.org.