Search

වසර 12කට පසු ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්

කුසල් මෙන්ඩිස් ඉවසිලිවන්තව ගොඩනැගූ අගනා අර්ධ ශතකය හේතුවෙන් සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කඩුලු 3කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මේ සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගනිමින්, තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුණා.

පන්දුවාර 47කට සීමා වූ මෙම තරගයේ නවසීලන්ත කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 210ක ඉලක්කය කඩුලු 7ක් දැවී තිබියදී තරගයේ 46වැනි පන්දුවාරයේදී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව වසර 12කට පසුව නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අද අවස්ථාව උදාවුණා.

ශ්‍රී ලංකාව අවසන්වරට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා කර තිබුණේ 2012 වසරේදී මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේයි.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »