
දේශගුණික විපර්යාස හේතුවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන සරණාගතයන්ගේ වැඩි වීමක් ඉදිරියේදී අපේක්ෂා කළ හැකි බවට තොරතුරු සදහන් වනවා.
මෙවැනි තත්වයක් තුළ මීට මාස තුනකට පෙර Australian – Tuvalu ගිවිසුම බලාත්මක වී ඇති අතර ඒ ඔස්සේ දේශගුණික විපර්යාසවල බලපෑම්වලට ගොදුරු වී සිටින Tuvalu දූපත් වාසීන්ට ඔස්ට්‍රේලියානු රජය විසින් අවශ්‍ය උපකාර ලබා දීමට බැදී සිටින බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවට ආසන්නයේ පිහිටා ඇති ඉන්දු – පැසිෆික් කලාපයේ පිහිටි රාජ්‍යයන් විශාල ප්‍රමාණයකට අනාගතයේදී දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම්වලට මුහුණ දීමට සිදුවන බවද සදහන්.

ඔස්ට්‍රේලියාව යනු 2015 වසරේදී දේශගුණික විපර්යාස හමුවේ දේශසීමාව අවට අවතැන් වූ පුද්ගලන්ගේ ආරක්ෂාව සහතික කිරීම සදහා වූ “Nansan Initiative’s agenda” අනුමත කළ රටවල් 109 න් එකක් වන බවද සදහන් වනවා.
ඔස්ට්‍රේලියාව 2016 වසරේ සිට දේශගුණික විපර්යාස හමුවේ අවතැන් වූවන් වෙනුවෙන් නිර්මාණය කර PDD මෙහෙයුම් කණ්ඩායමේ සාමාජිකයෙකු වීම ද විශේෂත්වයක්.

හිටපු රාජ්‍ය සේවා ප්‍රධානී Martin Parkinson විසින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය පිළිබදව ඉදිරිපත් කළ සමාලෝචන වාර්තාව පසුගිය වසරේ මාර්තු මාසයේ දී ෆෙඩරල් රජය වෙත භාර දී තිබෙන අතර එහි සදහන් ව ඇත්තේ පැසිෆික් කලාපයේ සිදුවන දේශගුණික විපර්යාසවල බලපෑම් සදහා ඔස්ට්‍රේලියාව සූදානම් විය යුතු බවයි.
2050 වසර වනවිට වගා කළ හැකි සහ වාසයට සුදුසු ඉඩම්වල අඩුවීමක් සහ ජලය සහ අනෙකුත් සම්පත් හිඟයේ වර්ධනයක් අපේක්ෂා කරන බවත් එහි සදහන් වනවා.
කලාපයේ රටවල ඇතිවිය හැකි මෙම අවදානම් තත්වය හමුවේ ඒවාට ප්‍රතිචාර දැක්වීම සදහා ඔස්ට්‍රේලියාව සූදානම් විය යුතු බව ද එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.