Search

මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරු 150ක් එයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වී තිබෙනවා.

මෙවර තේරීපත් වූ 146 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නන් වීම ද විශේෂත්වයක්.

ඉන් බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරීපත්ව ඇත්තේ ජාතික ජන බලවේගයෙන් බව සදහන්.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 141ක් හිමිවූ අතර ඉන් 130 දෙනෙකුම නවක මන්ත්‍රීවරුන් බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයට හිමිවූ මන්ත්‍රී ධුර 35න් 8 දෙනෙකු නවක මන්ත්‍රීවරුන් වන අතර 27 දෙනෙකු මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් බව සදහන්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ද මෙවර පාර්ලිමේන්තුවට එක් නවක මන්ත්‍රීවරයෙකු තේරීපත්ව තිබුණා.

ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් තිදෙනෙකුම නවක මන්ත්‍රීවරුන් බව  සදහන්.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ද එක් නවක මන්ත්‍රීවරයෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වනවා.

කෙසේ වෙතත් නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ තිදෙනාම මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් වීමද විශේෂත්වයක්.

ජාතික ලැයිස්තු ධුර 29ක් පත් කිරීමට නියමිත අතර ඉන් බහුතරය ද නවක මන්ත්‍රීවරුන් වනු ඇති බව වාර්තා වන්නේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »