
Daylight Saving ක්‍රමවේදය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක කරන ලෙස නැවත වරක් ප්‍රාන්ත වැසියන් විසින් ඉල්ලීම් සිදු කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ක්‍රියාත්මක වන Night Life ව්‍යාපාරවලට මෙම ක්‍රමවේදය ප්‍රයෝජනවත් වන බවයි ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Daylight Saving ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත වැසියන් වැඩි දෙනෙක්ම කැමැත්ත පලකර ඇති පසුබිමක අනෙකුත් ප්‍රාන්තවල මෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙසට රජයෙන් ඉල්ලීම් සිදුකර ඇති බව ද වාර්තා වනවා.

ක්වීන්ස්ලන්ඩ් , බටහිර ඔස්ට්‍රේලියා සහ Nothern Territory යන ප්‍රාන්තවල Daylight Saving ක්‍රමවේදය මෙතෙක් ක්‍රියාත්මක නොවීම ද විශේෂත්වයක්.
2032 ඔලිම්පික් උළෙලට පෙර Daylight Saving ක්‍රමවේදය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය වෙත හදුන්වාදීමට මෙම වර්ෂය ආරම්භයේදී අවශ්‍ය වූ බවයි මේ පිළිබදව හඬ නගන ව්‍යාපාරික ප්‍රධානීන් විසින් සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු ජාතික පක්ෂයේ නායක David Littleproud සදහන් කර ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Night Life ආර්ථිකයට Daylight Saving ක්‍රමවේදයට වඩා වැඩි යමක් අවශ්‍ය වන බවයි.