Search

දරුවන්ට Social Media තහනම් නීතිය මෙම සතියේ පාර්ලිමේන්තුවට

වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීම තහනම් කිරීම සම්බන්ධ නීතිය නොවැම්බර් 18 වනදා ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු සැසිවාරයේ අවසන් සැසි දෙකේ දී ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම නීතිය සම්මත කර මාස 12 ක් ගතවීමෙන් අනතුරුව ක්‍රියාත්මක වනු ඇති බවයි අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් සදහන් කර ඇත්තේ.

තමන් දෙමව්පියන් ඇතුළුව දරුවන්ගේ ඥාතීන් දහස් ගණනක් සමඟ සාකච්ඡා කළ බවත් තමා මෙන්ම ඔවුන් ද අන්තර්ජාලය හා දරුවන්ගේ ආරක්ෂාව පිළිබදව සැලකිලිමත් වන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ලෝකයේ බොහෝ රටවල තරුණ ප්‍රජාව ස්මාර්ට් දුරකතන සහ සමාජ මාධ්‍ය වැනි තාක්ෂණික ක්‍රමෝපායන් භාවිතා කරන්නේ කෙසේද යනවග අධීක්ෂණය කිරීමට උත්සහ දරන මොහොතක ඔස්ට්‍රේලියානු රජයේ මෙමව් ක්‍රියා පටිපාටිය කැපී පෙනෙන බවයි වාර්තා වන්නේ.

මෙවන් පසුබිමක Facebook සහ Instagram සමාජ මාධ්‍ය ජාලාවල හිමිකාරීත්වය දරන Meta සමාගමේ ආරක්ෂක ප්‍රධානී (Head of Safety) Antigone Davis විසින් ප්‍රකාශ කර ඇත්තේ රජය විසින් ගෙන ඇති තීරණයට සමාගම ගරු කරන බවයි.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් ඇතැම් විද්වතුන් තම විරෝධය පල කර තිබෙන බව ද වාර්තා වීම විශේෂත්වයක්.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »