Search

දෙසැම්බරයේ සංචාරයට සුදුසුම නගර අතර මෙල්බනුත්

දෙසැම්බර් මාසයේදී සංචාරය සදහා සුදුසුම නගර පිළිබදව වාර්තාවක් නිකුත් වී තිබෙන අතර එම නගර අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරය ද ඇතුලත් වී තිබෙනවා.

CN Traveller වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කර ඇති මෙම ලැයිස්තුවේ දෙසැම්බර් මාසයේදී සංචාරය සදහා සුදුසුම නගර පිළිබද තොරතුරු ඇතුලත්.

මෙම ශ්‍රේණිගත කිරීමේ දී පළමු ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි නගරයට හිමිව තිබීම විශේෂත්වයක්

ලැයිස්තුවේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් කැනරි දූපත්වලට අයත් Lanazarote සහ ඉන්දුනීසියාවේ බාලි දූපත් හිමි කරගෙන තිබෙනවා.

මෙහි සිව්වන සහ පස්වන ස්ථාන හිමි කරගෙන තිබුණේ මොරොක්කෝවේ Marrakech සහ ඇමරිකා එක්සත් ජනපදයේ Miami නගර වීම ද කැපී පෙනෙනවා.

Bahamas, Cape Town, Auckland, Merida, Koh Samui සහ කියුබාවට ද මෙම ශ්‍රේණිගත කිරීමේ දී ඉදිරි පෙළ ස්ථාන හිමිවී තිබෙන බව ද සදහන්.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට මෙම ලැයිස්තුවේ 12 වන ස්ථානය හිමිවී තිබෙන අතර මෙල්බන් නගරයේ කාලගුණ තත්වය, අවන්හල් ඇතුලු තවත් බොහෝ දේ පිළිබදව ද මෙම වාර්තාවේ දක්වා තිබෙනවා.

Costa Rica සහ මාලදිවයින ද මෙම ලැයිස්තුවට ඇතුලත් ව තිබෙන අතර මෙහි අවසන් ස්ථානය කැරිබියන් දූපත්වලට අයත් St Lucia දූපතට හිමිව තිබෙන බවයි සදහන් වන්නේ.